අපගේ දැක්ම

"ගුණාත්මක සේවයක් තුලින් සෞභාග්‍යමත් ජන සමාජයක් ගොඩනැගීම."

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"
 
ආයතනයේ විකාශනය

දකුණු පළාතේ , ගාලු දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසම් විස්සක් කේන්ද්‍ර කර ගනිමින් රමණීය පරිසරයක පිහිටුවා ඇති වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ මහජන සේවයට ඇප කැපවෙමින් ක්‍රියා කරන මහජන ප්‍රසාදය දිනාගත් රාජ්‍ය ආයතනයයි.

1998.07.19 දින වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ආරම්භ කරන ලද්දේ එතෙක් පැවති කරන්දෙණීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් විස්සක් වෙන් කිරීමෙනි.1998.07.19 දින වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ආරම්භ කරන ලද්දේ එතෙක් පැවති කරන්දෙණීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් විස්සක් වෙන් කිරීමෙනි.එදා සිට මේ දක්වා ප්‍රාදේශීය මහලේකම්වරු දොළොස් දෙනෙක් මෙම කාර්යාලයේ සේවය කරන ලදී එම විස්තර පහත පරිදි වේ.

සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

     
නම සිට දක්වා
ජේ. ජයනෙත්ති මහතා 1998.07.16 2000.05.03
ඩබ්.වීරකෝන් මහතා 2000.05.04 2000.12.20
යූ.ඩී.සී ජයලාල් මහතා 2000.12.21 2001.03.02
වෝල්ටර් නානායක්කාර මහතා 2001.03.03 2001.03.04
ජේ. වන්නිආරච්චි මහතා 2001.03.05 2002.12.03
එච් ජයවික්‍රම මහතා 2002.12.04 2007.09.01
ආර්. සී සොයිසා මහතා 2007.09.02 2007.10.03
ඩී.බී වික්‍රමසිංහ මහතා 2007.10.04 2008.11.10
එච්. එන් තමරා කුමාරි ද  සිල්වා මිය 2008.11.11 2009.12.18
ඩී. කුසලානි ද සිල්වා මිය

2009.12.19

2014.08.27
තරංගා වික්‍රමරත්න මිය 2014.09.05 2015.05.10
ඒ.එම්.ඒ.යූ.ජී.කාරියවසම් මිය 2015.05.11 2018.12.13
නෙළුමි ඒ. ගමගේ මිය 2018.12.14 2021.10.06
ප්‍රගීත් රසික කුමාර මයා 2021.10.07 2025.07.08
Scroll To Top